පොලිසිය මහේලට අද එන්න එපායි කියයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. කෙසේවෙතත්, ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය.

2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

Comments are closed.