මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන් – සොයාගන්න ජනතා සහාය පතයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවට සැක කෙරෙන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් රහස් පොලීසිය මගින් ආරම්භ කර ඇති විමර්ශනය සඳහා අදාල පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය වී ඇති අතර ඒ අනුව ඔහු සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බවයි.

මෙම පොලිස් පරීක්ෂකවරයා, වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමති අංක 189, කිරිකත්ත , වැලිවේරිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයෙකි. සැකකරුගේ ඡායාරූපය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර ඇත.

Comments are closed.