ඡන්දෙන් තුනෙන් දෙක ලැබුනෙ නැත්තං සල්ලි විසිකරලා හරි හදාගන්න වෙනවා – අගමැති නොකියා කියයි

19 වැනි සංශෝධන අහෝසි නොකර කිසිවක් සිදුකළ නොහැකි බවත්, ජනාධිපතිවරණයේදී ලැබූ ජනතා ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට නම් 19 වැනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (06) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවැති උත්සවයක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

මෙම අත්‍යවශ්‍ය සංශෝධන සිදුකළ යුතු බැවින් මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් ඉල්ලා සිටින බවයි අගමැතිවරයා පවසන්නේ. යම් හෙයකින් ජනතාවගේ ඡන්දෙයන් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් නිර්මාණය කරගත නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව සැලුන් දොරක් බවට පත්වන බවයි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

එසේ වුවහොත් අවශ්‍ය අයත්, අනවශ්‍ය අයත් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට සිදුවන බවත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාමට එය බාධාවක් වන බවත් අගමැතිවරයා පෙන්වා දෙනවා.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී මැතිවරණයට ඉදිරිපත් වන බැවින් පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා වඩාත් වාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති බව ද ඔහු පවසනවා.

Comments are closed.