අතට සල්ලි ලැබෙන්න නම් අපට වරමක් දෙන්න – රනිල් ජනතාවගෙන් ඉල්ලයි

වැදගත්ම කාරණය වන්නේ එකම පක්ෂෙන් ජනාධිපති හා අගමැති පත්කර ගැනීමද නැත්නම් අතට මුදල් ලැබෙන එකද යන්න තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහරගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

2015 ආණ්ඩුව ගත් මොහොතේ මන්ත්‍රීවරු 50ක් වත් නොසිටි නමුත් පෙබරවාරි මාසය අවසන් වන විට රජයේ සේවකයන්ට රු.10,000කින් වැටුප් ඉහළ දැමුණු බව එජාප නායකයා සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස රටේ හැමතැනම වෙළෙදාම වැඩි වූ බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව එක්කෝ ආදායම වැඩි කළ යුතු අතර නැත්නම් වියදම් අඩුකළ යුතු වන අතර එජාප ආණ්ඩුවක් සෑම විටම බලන්නේ වියදම් අඩුකර අතේ මුදල් ඉතිරිකිරීමට බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මහ මැතිවරණයේදී ජනවරමක් ලබා දෙන ලෙස හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ.

Comments are closed.