පොලිසිය ඉවරෙටම ඉවරයි: කුඩු ගෙනවිත් පැකට් කර බෙදපු බව හෙළිවෙයි: මෛත්‍රිපාල ජනාධිපති සම්මානත් පුදලා

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමග එක්වී මෙරටට මත්ද්‍රව්‍ය ගෙනවිත්, ඔවුන්ම ඒවා ආරක්ෂිත නිවස්නවල රදවා පැකට් කර බෙදාහැර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඊයේ (08) මේ බව අනාවරණය කළ‌ේය.

එම කුඩු තොග එළියට යවා නැවත ඒවාම වැටලීම් කර රජයෙන් ලබා දෙන ලක්ෂ ගණනක ත්‍යාග මුදල් පවා මෙම පිරිස් රැගෙන ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම පිරිස රට පුරා කෝටි ගණන් වටිනා ඉඩකඩම් මිලට ගෙන ඇති බවත්,මෙම සැකකරුවන්මමහාපරිමාණ මත්කුඩු වැටලීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ජනාධිපති සම්මාන පවා රැගෙන ඇති බවත් අධිකරණය හමුවේ අනාවරණය විය.

මීට අමතරව මෙම පිරිස ව්‍යාජ මුදල් අච්චු ගැසීමේ ජාවාරමකට සම්බන්ධ වී සිටියාද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.

Comments are closed.