2020 ස්විස් පොසොන් සීල භාවනා වැඩසටහන Zoom තාක්ෂණය මඟින්

මෙම වර්ෂයේ උතුම් පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කෙරෙන සීල භාවනා වැඩසටහන සූරිච් බෞද්ධ විහාරය, බර්න් බෞද්ධ මධ්‍යස්ථානය , ජිනීවා බෞද්ධ විහාරය (IBF), විල්නව්සෙන්ට් ජෝර්ජ් හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, සහ කෝපන්හේගන් බෞද්ධ විහාරය යන විහාරස්ථාන එකතුව Zoom තාක්ෂණය මඟින් සිදු කෙරෙන බව කාරුණික ව දන්වා සිටින අතර ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහභාගිත්වය ගෞරවයෙන් අපේක්ෂා කරනබව සූරිච් විහාරාධිපති ගරු පූජ්‍යපාද කරුවලගස්වැව අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දන්වා තිබේ.

2020 පොසොන් සීල භාවනා වැඩ සටහන් විස්තරය:

07.45 – 08.00 වැඩසටහන සඳහා පිරිස සම්බන්ධකර ගැනීම, පිළිගැනීම.

ගරු පූජ්‍යපාද හාල්යාලේ විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

08.00 – 09.00 සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව,

ගරු පූජ්‍යපාද තලන්ගල්ලේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

09.00 – 10.00 – භාවනාව. ගරු පූජ්‍යපාද විලච්චියේ ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ

10.00 – 11.00 – ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය. ගරු පූජ්‍යපාද දැලිවල බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ.

11.00 – 11.30 – බුද්ධ පූජාව. ගරු පූජ්‍යපාද වෙලගෙදර සුමනජෝති ස්වාමීන් වහන්සේ.

11.30 – 12.30 – දවල් දානය, විවේකය.

12.30 – 12.45 – දහම් පාසැල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් “මහින්දාගමනය”

මෙහෙයවීම: ගරු පූජ්‍යපාද වෙලගෙදර සුමනජෝති ස්වාමීන් වහන්සේ.

12.45 -13.30 – අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ.

ගරු පූජ්‍යපාද රඹුක්වැල්ලේ දේවානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ

13.30 -14.15 – ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව – දේවදූත සූත්‍රය.

ගරු පූජ්‍ය මාරතුගොඩ උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

14.15 – 15.00 – ධර්ම සාකච්ඡාව :

මෙහෙයවීම , පූජ්‍යපාද වෙලගෙදර සුමනජෝති ස්වාමීන් වහන්සේ.

15.00 – 15.15 – විවේකය.

15.15 – 16.15 – මෛත්‍රී භාවනාව. ගරු පූජ්‍යපාද කරුවලගස්වැව අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ

16.15 – 16.30 – සිල් පවාරනය, පුණ්‍යානුමෝදනාව. සෙත් පිරිත් දේශනාව.

දිනය : 2020 ජූනි මස 06 වැනි සෙනසුරාදා.

වේලාව: පෙරවරු 7.45 සිට පස්වරු 4.30 දක්වා

වැඩසටහනට සහභාගිවීමට පහත සඳහන් යොමුව Click කරන්න

Join Zoom Meeting
https://us02web.zoom.us/j/86039783105
Meeting ID: 860 3978 3105
මේ මඟින් ද සම්බන්ධවිය හැකි බව සලකන්න : Web: www.ibf-geneva.org

Comments are closed.