ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වන ජයවර්ධනගේ සුනිල් පෙරේරා ඝාතන සැකකරුවන් රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වන ජයවර්ධනගේ සුනිල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කලේය .

ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමට ගොස් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචිව සිටි ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී මෙම ආරවුල ඇති වී තිබේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලීසිය සිදු කරයි.

Comments are closed.