නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි

රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පැහැදිලි බලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

ඒ, අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වන විට ව්‍යවස්ථාවට සංශෝධන 19ක් පැමිණ තිබෙන අතර හරියට එය අන්ඩ දැමු කමිසයක් මෙන් යයි රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඒ අනුව බලපෑම්වලට යටත් නොවී ජනතාවගේ සුභ සිද්ධිය සඳහා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හැදීමට අවශ්‍ය පැහැදිලි බලය ලබා දෙන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ආණ්ඩුව භාර ගන්නා විට බලාපොරොත්තු නොවුණු ආකාරයට කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට සිදු වූ අතර මේ වන විට එය මනා ලෙස පාලනය කිරීම යන කාරණය මතම මෙවර මැතිවරණයේ තීන්දුව ජනතාවට ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments are closed.