ත්‍රී රෝද රථ සංගමය සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහතා මහමග ඝාතනයට ලක් ව ඇත්තේ ආණ්ඩුවේ වරදින් බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ත්‍රීරෝද හිමියන් වෙත ආණ්ඩුව විසින් ලිසිං සහන ලබාදෙන බව ප්‍රකාශ කළ ද එය ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා මෙම මරණය සිදුවී ඇති බවද ඔහු පවසයි.

ආසන්න කාලයේ දී රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බවත් මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බවත් ඔහු කියා සිටී.

කල්බදු සමාගමක පිරිසක් විසින් සිදු කල පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා මිය යාම ගැන මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පල කලේය.

Comments are closed.